පෝෂණය, ආහාර විද්‍යාව ලෙස දක්විය හැකි ඇති අතර, එය ජීවීන් විසින් ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම සහ  ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීම, ආහාර ජීර්ණය, ශරීරය පුරාම පෝෂක ද්‍රව්‍ය ගමන් ගැනීම, පරිවෘත්තිය ක්‍රියාවලින් ආදි වූ ලෙස, අප ගනු ලබන්නා වූ ආහාර ශරීරය තුළ භාවිතයට ගනු ලැබීමට අදාළ ක්‍රියාවලිය ලෙස වඩාත් සංක්ෂිප්තව දැක්විය හැකි ය. මෙම නිර්වචනය තුළින්, අප විසින් ගනු ලබන ආහාර වල ජෛවරසායනික හෝ කායික විද්‍යාත්මක කාර්යයන්, අපගේ ශරීර සෞඛ්‍ය හා යහපැවැත්ම මනා ලෙස පවත්වාගෙන යාමටත්,  රෝගාබාධවලින් මිදීමටත් ඉතා ඍජු ලෙස දායක වන බව මනාව පැහැදිලි වේ.  පමණක් නොව පෝෂණ හා ආහාරවේදය පිළිබඳ ඇකඩමිය  (Academy of Nutrition and Dietetics) පෙන්වා දෙන්නේ, පෝෂණය වඩාත් පුළුල් අර්ථයකින් යුතුව අර්ථකථනය කළ හැකි බවත්, එසේ ම එය මානසික, සමාජ විද්‍යාත්මක හා මූල්‍යම ය ආදි වූ අංග රාශියක බලපෑම මත තීරණය වන බවත් ය.

උදාහරණයක් ලෙස,  මනා සෞඛ්‍ය සහ ක්‍රීඩාශීලිත්වයට අදාළ, දෘෂ්ටි කෝණයකින් පෝෂණය සම්බන්ධයෙන් සළකා බලන විට, පෝෂණය යනු, එකී අරමුණු සඳහා අවශ්‍ය, ආහාර වල ජෛවරසායනික හෝ කායික විද්‍යාත්මක උපයෝගීතාවය හෝ ක්‍රියාකාරීත්වය ලෙස දැක්විය හැක. නමුත්, නිවසින් ඈත්ව අධ්‍යාපනය ලබන සමහර ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ගත් විට, ඉහත කී මූල්‍යමය තත්ත්වය යන සාධකය සෞඛ්‍ය සම්පන්සම්පන්න ආහාර තෝරා ගැනීම කෙරෙහි බලපෑම් කරනු ලැබිය හැක. මන්ද යත්;  නැවුම් එළවළු, පලතුරු, කිරි ආශ්‍රිත ආහාර (චිස්, බටර්, යෝගට්) , ඇට වර්ග,  ආදී මේ සියල්ලක්ම අතිශයින්ම පිරිපහදු කළ ධාන්‍ය, සීනි සහ මේද යන අමුද්‍රව්‍ය තුන ආශ්‍රයෙන් අධික ලෙස සකසන ලද ආහාර (highly processed food) වලට වඩා මිල අධික වේ.

අප ගනු ලබන ආහාර වල මූලික පරමාර්ථය වන්නේ, අපට අවශ්‍ය පුළුල් පරාසයක වූ පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමයි.  එසේ අප ගන්නා ආහාරවල අඩංගු වන පෝෂපදාර්ථ ශරීරයෙහි  කායික විද්‍යාත්මක හා ජෛව රසායනික විද්‍යාත්මක ක්‍රියාවලීන් බොහෝමයක් සඳහා ඉවහල් වේ. ආහාර වල අඩංගු පෝෂක, ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක වර්ග 6 කින් සමන්විත වේ. එනම්;  මේද, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින්, ජලය සහ ඛනිජ ලවණ යි.

පළමුව, ශරීරයට අවශ්‍ය වන ශක්තිය ලබා ගැනීමේ මූලිකම ප්‍රභවයන් වන්නේ, කාබෝහයිඩ්‍රේට් සහ මේදය වේ.  ප්‍රෝටීන ද ශක්තිය සැපයීම සඳහා ඉවහල් විය හැකි වුවත්, ශක්තිය සැපයුම ප්‍රෝටීනවල ප්‍රධාන කාර්යභාරය නො වේ.  එසේම විටමින්, ඛනිජ ලවණ සහ ජලය ද, ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා ඉවහල් නො වේ. දෙවනුව, සියලුම පෝෂ්‍ය පදාර්ථ ශරීරයේ පටක තැනීම සහ අලුත් අලුත්වැඩියාව සිදු  කරන අතර, එය ශරීර වර්ධනය සඳහා ඉවහල් වේ.  ශරීරයේ මාංශ පේශි, අනෙකුත් මෘදු පටක සහ එන්සයිම නිපදවීම සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍ය ලෙස ප්‍රෝටීන ක්‍රියාකරන අතර කැල්සියම් සහ පොස්පරස් වැනි ඛනිජ ලවණ අස්ථි සැකිල්ල සෑදීම සඳහා ඉවහල් වේ. එසේම තුන්වනුව, සියලුම පෝෂ්‍ය පදාර්ථ මිනිස් පරිවෘත්තිය ක්‍රියාවලිය හා සම්බන්ධ වන කායික විද්‍යාත්මක ක්‍රියාවලීන් පවත්වාගෙන යාම සහ නියාමනය කිරීම සඳහා දායකත්වය සපයනු ලබයි.

අපගේ ශරීරය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අපට විවිධාකාර වූ අත්‍යාවශ්‍ය පෝෂක වර්ග 40 කට වඩා පවතින අතර, පෝෂණ විද්‍යාඥයින්ගේ නිර්වචන නිර්දේශය පරිදි එකී පෝෂ්‍යපදාර්ථ අපට විවිධ ප්‍රමාණයන්ගෙන් ශරීරයට අවශෝෂණය කරගැනීම අවශ්‍ය වේ. Dietary Reference Intakes (DRI) – (DRI යනු නිරෝගී පුද්ගලයෙකුට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය සැලසුම් කිරීම සහ තක්සේරු කිරීම සඳහා යොදාගනු ලබන අගයන් සමූහයක් හැඳින්වීමට යොදා ඇති සාමාන්‍ය යෙදුම වේ. මෙම අගයන් පුදගලයන්ගේ වයස සහ ලිංගිකත්වය මත වෙනස් වේ.) මගින් වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය තුළ  Recommended Dietary Allowances (RDA) – (ආසන්න වශයෙන් සමස්ථ (97% -98%) සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ගේ පෝෂක අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් සාමාන්‍ය දෛනික පරිභෝජන මට්ටම.) අගය පෙන්වා දෙනු ලබයි. එසේම අනෙක් සැලකිලිමත් වියයුතු ප්‍රධානතම කාරණාව වන්නේ, පෝෂ්‍ය පදාර්ථයන්ගේ ඌනතාවය හෝ අතිරික්තය ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරනු ලැබිය හැකි බවයි.

අපට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා පෝෂපදාර්ථ අත්‍යවශ්‍ය සාධකයක් වුව ද, සැලකිලිමත් විය යුතු කාරණා වන්නේ  අප ආහාරයට ගනු ලබන්නේ පෝෂ්‍ය පදාර්ථ නොව, ආහාර බවයි.

අපගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයෙහිලා  පෝෂ්‍ය පදාර්ථ වල කාර්යභාරය කුමක්ද ?

ඔබේ සෞඛ්‍යය රඳා පවතින්නේ ඔබේ ජාන හා ඔබේ වටපිටාවේ අන්තර්ක්‍රියා මත වන අතර ඔබ ගන්නා ආහාර ඔබේ පෞද්ගලික පරිසරයේ කොටසක් වේ.

“ආහාර ඔබේ ඖෂධ වීමට ඉඩ දෙන්න සහ ඔබේ ඖෂධ ආහාර වීමට ඉඩ දෙන්න.”

වසර දෙදහසකට පමණ ඉහත අතීතයේ දී හිපොක්‍රටීස් (Hippocrates) විසින් සිදුකරන ලද ඉහත කී ප්‍රකාශය වැදගත් වන්නේ, මේ වන විට නිදන්ගත රෝග සම්බන්ධයෙන් ආහාරවල පවතින රෝග වැළැක්වීමේ සහ චිකිත්සීය ගුණ මේ වන විට අනාවරණය කර ගෙන ඇති බැවිනි.

ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ හා විවිධ ද්‍රව්‍ය මෙන් ම, මාංශ පේශි සහ මේද සෛල තුළ නිපදවන සයිටොකයින (cytokines) ආදිය ද, ජාන ප්‍රකාශනයට බලපෑම් ඇති  කළ හැකි අතර, එමගින් අපගේ සෞඛ්‍යයට හිතකර මෙන්ම අහිතකර  බලපෑම් ද ඇති විය හැක. උදාහරණයක් වශයෙන් අදාළ නිශ්චිත විටමින් වර්ග, අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්නා විට එය ඔබේ ජානවල ක්‍රියාකාරී කොටස වන DNA වලට හානි වීම වැළැක්විය හැකි අතර, එසේම අධික ලෙස මත්පැන් පානය මගින්, එම  DNA වලට හානි සිදුවිය හැකි ය.

බොහෝ නිදන්ගත රෝග සඳහා ජානමය පදනමක් ඇත; ඔබේ මව සහ පියාගෙන් එක් අයෙකුට කිරීටක හෘද රෝග හෝ පිළිකා වැළඳී ඇත්නම්, ඔබට එම රෝගය වැළඳීමේ ඉහළ අවස්ථාවක් පවතී. එවැනි රෝග, මට්ටම් තුනක් හරහා ගමන් කළ හැකිය; ආරම්භය, වර්ධනය වීම සහ ව්‍යාප්තිය. ඔබේ ජානමය නැඹුරුතාව රෝගයේ ආරම්භක අවධියට හේතු විය හැක, කෙසේ වෙතත් ඔබේ epigenome (ජීවියෙකුගේ ඩීඑන්ඒ සහ හිස්ටෝන් ප්‍රෝටීන වල රසායනික වෙනස්කම් පිළිබඳ වාර්තාවකින් epigenome  සමන්විත වේ; මෙම වෙනස්කම් පරම්පරාවෙන් පරම්පරාවට අපිජනක (epigenetic) උරුමය හරහා ජීවියෙකුගේ දරු පරපුරට ලබා දිය හැකිය. epigenome වෙනස්වීම් නිසා ක්‍රෝමටින් (chromatin) ව්‍යුහයේ වෙනස්කම් හා ජානවල ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම් සිදුවිය හැකිය.) ට බලපෑම් කරනු ලබන පාරිසරික සාධක, එම රෝගීන් තත්ත්වයන් වර්ධනයවීමට සහ පැතිරීයාම කෙරෙහි හේතු සාධක විය හැකි ය. මේ සම්බන්ධයෙන් ඇතැම් පෝෂ්‍ය පදාර්ථ වර්ග, එම රෝග වර්ධනය වීම ප්‍රවර්ධනය කරන බවටත්, ඇතැම් පෝෂ්‍ය පදාර්ථ වර්ග එම රෝග වර්ධනය වීම වැළැක්වීමට හේතු වන බවටත් සලකනු ලබයි.

නිදන්ගත රෝග බොහෝ ප්‍රමාණයක් වැඩි වර්ධනය වීම සඳහා ඔබ ගනු ලබන ආහාර ඉතාම විශාල දායකත්වයක් සපයයි. උදාහරණයක් ලෙස රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (the Centers for Disease Control and Prevention – CDC) දක්වන ආකාරයට හොඳ පෝෂ්‍යපදාර්ථ හෘද රෝග, ආඝාතය,  ඇතැම් පිළිකා වර්ග, දියවැඩියාව සහ අස්ථි ක්ෂීණතාව (osteoporosis)  ආදී වූ බොහෝ නිධන්ගත රෝග සඳහා මිනිසුන් ලක්වීමේ අවදානම අඩු කරනු ලබයි. ජාතික පිළිකා ආයතනය විශ්ලේෂණය කර ඇති ආකාරයට, මිනිසුන්ට වැලළඳෙන පිළිකා අතුරෙන් තුනෙන් එක්ක ප්‍රමාණයක් ආහාර පුරුදු හා යම්කිසි සම්බන්ධතාවක් පවත්වනු ලබන අතර, බොහෝ පිළිකා ඇති ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස දුම්පානය වාර්තාගත කොට ඇත. ෂ්විංෂැක්ල් සහ හොෆ්මන් (Schwingshackl and Hoffman) දක්වන ලද ආකාරයට  මධ්‍යධරණී ආහාර සැලැස්ම (Mediterranean food plan) වැනි සෞඛ්‍යසම්පන්න ආහාර පුරුදු උපරිම ආකාරයෙන් පිළිපැදීම තුළින් විශේෂයෙන්ම, පුරස්ථි ග්‍රන්ථිය, බඩවැල් හා මුඛය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම විශාලව වශයෙන් අඩු කිරීමට හේතු වන අතර සමස්තයක් වශයෙන් ගත් විට පිළිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අනුපාතය අවම වීමට ද හේතු වී ඇත.

ඒ අනුව “ආහාර යනු ඖෂධ වේ” යන ප්‍රකාශය හුදෙක්ම හිපොක්‍රටීස්ගේ ප්‍රකාශය මත පමණක් පිහිටා නොව,  නූතන වෛද්‍ය විද්‍යාව මත පදනමව විමසා බලන විට, වඩාත් නිවැරදි බව පැහැදිළි වේ. අප අනුභව කරන කාබෝහයිඩ්‍රේට්, මේද හා ප්‍රෝටීන වර්ග සහ ප්‍රමාණය, අපගේ ආහාර වේලෙහි ඇති විටමින්, ඛනිජ සහ ශාක තුළ නිපදවෙන රසායනික ද්‍රව්‍ය (phytochemicals) වැනි වෙනත් ද්‍රව්‍යවල ප්‍රමාණය හා වර්ග, අපගේ ආහාරයේ ප්‍රභවය, ආහාර පිළියෙල කරන ආකාරය ආදිය, අපගේ සෞඛ්‍ය තත්වයට බලපාන epigenome සහ පසුකාලීන ජාන ප්‍රකාශනය හෝ වෙනත් පරිවෘත්තීය ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන සාධක වේ. පහත දැක්වෙන්නේ යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ ශරීරයට අවශ්‍ය ශක්තිය නිසි පරිදි ලබා ගැනීම හරහා ඇතිවන ප්‍රතිඵල අතුරින් කිහිපයකි.

  • පිළිකා කාරක අක්‍රීය කිරීම හෝ DNA වලට හානි කරන ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම
  • DNA යථා තත්වයට පත් කිරීමට සහාය වීම
  • ඉන්සියුලින් සංවේදීතාව වැඩි දියුණු කිරීම
  • රුධිර පීඩනය අවම කිරීම
  • රුධිර නාල සන්සුන් කර රුධිර සංසරණය වැඩි දියුණු කිරීම
  • රුධිර මස්තු (serum)-(රුධිරය කැටි ගැසීමෙන් පසු ඉතිරි වන ද්‍රවය) හි ඇති ලිපිඩ පරාසය ප්‍රශස්තම මට්ටමක පවත්වාගෙන යාම.
  • රුධිරය කැටි ගැසීම වැළැක්වීම.
  • ප්‍රතිශක්තිකරණ  පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා උපකාර වීම
  • හානිකර ඔක්සිකාරක ක්‍රියාවලීන් නැවැත්වීම.
  • බඩවැල් තුළ වන භයානක රසායනික ද්‍රව්‍ය තනුක කරන්න
  • ආන්ත්‍රික ක්‍රියාවලීන් නිරන්තරයෙන් වඩාත් සක්‍රීය ලෙස පවත්වාගෙන යාමට උපකාර වීම.
  • ශරීරයේ පවත පවතින මේ ද නිසි පරිමාණයෙන් පවත්වාගෙන යාම සඳහා ආහාර රුචිය මැඩපැවැත්වීම ට සහය වීම.

Leave a Reply