ඔබ කවදා හෝ සංවාදයේ යෙදී සිටින අතරතුර, එම සංවාදයෙහි හෝ එම සංවාදයේ යෙදී සිටින තැනැත්තාගේ යම් කිසි අමුත්තක් පවතින බවට යම් අපහසු තාවයක් සිතට දැනී ඇත් ද? එසේම, යම් පුද්ගලයෙක් අවංකවම ඔබට යමක් ඒත්තු ගැන්වීමට හෝ ඔබව යමකට පෙළඹවීමට උත්සාහ කරන ලද බව ඔබට හැඟී ගිය නමුත්, අවසානයේ දී, පොලඹවනු ලැබීමට උත්සාහ කළ කටයුත්ත හෝ ඒත් තුගැන්වීමට උත්සාහ කරන ලද, අදාළ කාරණාව සම්බන්ධයෙන් කිසිදු අවසානයක් නොතබා, ඔබව හැරගිය අවස්ථාවලට ඔබ මුහුණ දී ඇත්ද ?  සමහරවිට ඒ අවස්ථාවලදී ඔවුන් ඔබෙන්  ඔවුන්ගේ දෙනෙත් සඟවා ගනිමින් හෝ, ඔබේ දෙනෙත් මඟහරිමින් සිටින්න උත්සාහ කරන්නට ඇත. නො එසේ නම් සමහර විට ඔවුන් ඔවුන්ගේ සිනහව ඉතා දැඩි ආයාසයකින් ඒකාකාරීව ව තබාගන්නට ඇත. බොහෝ විට අප අසත්‍ය අවසන අවස්ථාවල දී ඒ බව කෙතරම් සැඟවීමට අප උත්සාහ දැරූවත්, හොඳින් නිරීක්ෂණය කරන, ශරීර භාෂාව පිළිඹඳ අවබෝධයක් ඇති ඕනෑම තැනැත්තෙකුට එය පහසුවෙන් අවබෝධ කර කරගැනීමට හැකි ය. ශරීර භාෂාවෙන් පුද්ගලයෙකු තමන්ගේ සිත තුළ සඟවාගෙන සිටින සැබෑ සිතුවිලි, හැඟීම් සහ චේතනා හෙළි කළ හැකිය. මිනිසුන් බොහෝ විට ඔවුන් ප්‍රදර්ශනය කරන වාචික නොවන ඉඟි සම්බන්ධයෙන් එතරම් අවධානයක්ක් යොමු නොකරන බැවින්, මිනිස්සුන් ඔවුන්ගේ වචනවලින් කියන කතාවට වඩා,  ඔවුන්ගේ ශරීර භාෂාවෙන් පිළිබිඹු වන කතාව වඩාත් විශ්වසනීය ය.  මිනිසුන් සිය අරමුණු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කතා කරන බැවින්, ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි, ඔවුන් වචනයෙන් පවසන දෑ, සකස්කර, වෙනස්කර, සිය සැබෑ සිතිවිළි යටපත් කරමින් ඉදිරිපත් කළ හැකියි ය. නමුත් ඔවුන් අමතක කරන දෙය නම් ඔවුන්ගේ ශරීර භාෂාව යි.

ශරීර භාෂාව වාචික නො වන සන්නිවේදන ය යටතට වැටෙන බව ඔබ පැවසිය හැක. මෙය සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ  සිතිවිලි, හැඟීම්, බලාපොරොත්තු සහ  අකමැති  දෑ ශාරීරික ඉඟි මඟින් ප්‍රකාශ කිරීමක් වේ. ශාරීරික ඉඟි, ශාරීරික ඉරියව්, බලා සිටින දිශාවන්, පරතරය පවත්වා ගන්නා ආකාරය,  මුහුණෙන් පලකෙරෙන ඉරියව් ආදී  විවිධ ප්‍රකාශනයන් ඊට ඇතුළලත් වේ.

සමහර අය කතා කරන විට දෑත් චලනය කිරීමෙන් ඔවුන්ගේ කතාවලට වර්ණ එකතු කරන ආකාරය ඔබ දැක තිබේ ද? යමෙකුගේ සිනහවෙන් ඔබ කවදා හෝ ආකර්ෂණය වී තිබේද?   යමෙකුගේ බලවත් උද්යෝගය නිසා ඔබ කිසිදා කරන්නට සසිහිනෙකින්වත් නොසිතූ  ක්‍රියා ක්‍රියාකාරකම් වල ඔබ යෙදී තිබේ ද ? එසේම ඔබට අනිත් මිනිසුන් පහසුවෙන් කියවීමේ හැකියාව පැවතුණා නම් කෙතරම් හොඳ ද කියා ඔබ කොතරම්  සිතා තිබේ ද ? ශරීර භාෂාව මගින් කියවෙන ලකුණු සහ සංඥාවන් අවබෝධ කර ගැනීම තුළින්, ඔබට අනෙක් පුද්ගලයින් වඩාත් පහසුවෙන් කියවිය හැකි ය.  එබැවින්, ඔබට ඔවුන් සමග වඩාත් හොඳින් සන්නිවේදනය සිදු කළ හැකි ය.

එසේම වාචික නොවන සන්නිවේදන මාධ්‍යයක් වන ශාරීර භාෂාව, වාචික සන්නිවේදනයට ද ඉතා විශාල සහ සහයෝගයක් සපයයි. එසේ වන්නේ සංඥාවන්ගෙන් පැවසෙන දෙය වාචිකව පවසන කාරණයට පටහැනි නො වන්නේ නම් පමණි.  ඇතැම් පර්යේෂණ පවා නිගමනය කර ඇත්තේ අප අන් අය සමග කරන සංවාද වලින් බොහෝමයක් දී තොරතුරු ලබාගන්නේ වචනවලටත් වඩා ඔවුන්ගේ ශරීර භාෂාවෙන් වන බවයි.

හොඳ කථිකයෙකු ලෙස දන්නා අයකු අධ්‍යයනය කර බලන්න. සියලුම හොඳ අලෙවිකරුවන් අධ්‍යයනය කර බලන්න. ඒ සියලු දෙනා මිනිසුන් සමග සංනිවේදනය කිරීම සඳහා සහ ඔවුන්ට කරුණු ඒත්තු ගන්වන ගැන්වීමටත්, ගැනුම්කරුවන් තමන් වෙත පොළඹවා ගැනීමටත් ශරීර භාෂාව භාවිතා කරයි.

යමෙක් පිටට තට්ටු කිරීම ඔබ ධෛර්යමත් කිරීමට උත්සාහ දරන බවට සංඥාවක් විය හැකි අතර, යමෙක් අයුතු ලෙස ඔබගේ පුද්ගලික අවකාශයට ඇතුළුවීම, වඩාත් සමීප වීම,  ඔබට එම  තැනැත්තාගෙන් අනතුරුක් සිදුවිය හැකි බවට වන සංඥාවක් විය හැකි ය. එසේම ඔබට සෑම විටම ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා කතා කිරීම්ට අවශ්‍ය නොවන අතර, සමහර විට ඔබගේ ක්‍රියාවන් වචන වලටත් වඩා වැඩි ශබ්දයකින් ඔබ වෙනුවෙන් කතා කරනු ඇත.

මෙම ලිපි ම මාලාව ක්‍රමානුකූල ලෙස ශරීර භාෂාවට අදාළ සියළුම කලුම කොටස් ආවරණය කරමින්, ඔබට වඩාත් හොඳ ශරීර භාෂාව පිළිබඳ අවබෝධයක් ලබාදීම පිණිස අරමුණු කර ඇත. මෙමඟින් ඔබට මිනිස් හැසිරීම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙනු ඇති අතර එසේම ප්‍රායෝගික උදාහරණ සහ අභ්‍යාස, ඉදිරියේ දී ඔබට වඩාත් හොඳින් අන්‍යන් හා  සන්නිවේදනය කිරීම සඳහා උපකාර වනු ඇත.

එසේම මිනිසුන් විසින් සුලභව වශයෙන් වඩාත් පොදුවේ භාවිතා කරන ශරීර භාෂා ඉඟි සහ වඩාත් කාර්යක්ෂම ලෙස සන්නි සන්නිවේදනය කිරීම සඳහා එකී වාචික නොවන ඉඟි, සංඥාවන් භාවිතා කරන ආකාරය ඔබට ඉගෙන ගැනීමට හැකි වනු ඇත.

ශරීර භාෂාව සහ සම්බන්ධතාවය

කසුන් සැමවිටම විශ්වාස කළේ ඔහු තමන් රාජකාරි කරන ස්ථානයේ සෑමදෙනාම සමඟම ඉතා හොඳ ඇසුරක් පවත්වාගෙන යන බවයි. කෙසේ වුවත් ඔබ කසුන් රාජකාරි කරන ස්ථානයේ ඔහුගේ සගයන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසූවා නම් ඊට වඩා වෙනස් පිලිතුරක් ලැබෙන්නට ඉඩ තිබිණි. ඇතැම්විට ඔවුන් කසුන් සමග ඉතා මිත්‍රශීලී නොවන බවත්, ඇතැම් අවස්ථාවලදී කසුන් ඔවුන්ව, බිය ගන්වන සුළු දරුණු ස්වභාවයක් උසුලන බවක් වැසිය හැක. සමහරුන්ට එසේ වීමට හේතුව නිසියාකාරව පැහැදිලි කිරීමට නොහැකි වනු ඇත.  තවත් සමහරුන් කසුන් ඔවුන් දෙස හෙළන ඉතා දැඩි බැල්ම නිසා කසුන් ඔවුන් හා මිතුරු වීමට අකමැති ස්වරූපයක් ඔවුන්ට දැනෙන බව පවසන්නට ඇත. එසේම තවත් සමහරුහර කසුන්ගේ කටහඬ හා කතා කරන ස්වභාවය ඉතා රළු ස්වභාවයක් ගන්නා බවත්, ඒ නිසා කසුන් සැමවිටම තමන්ට කතා කරන්නේ තමාට බනින, තරවටු කරන ආකාරයෙන් වන බවටත් පැවසිය හැක. ඔහුගේ තවත් රාජකාරී ස්ථානයේ සගයෙක් කසුන් සෑම විටම තමාට කිසිදු කටයුත්තක් නිසා නිසියාකාරව සිදු කළ නො නොහැකි මෝඩයෙකු ලෙස සළකන බව පැවසිය හැකි ය. එසේම තවත් අය කසුන් තමන්ගේ අදහස් අන් අය හා බෙදා හදා ගැනීමට තරම් විවෘත අයෙකු නොවන බවට ප්‍රකාශ කළ හැක.

සැබැවින්ම කසුන්, තමා විසින්ම තමා  පිළිබඳව අයහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නා බව නො දන්නා, ඉතා යහපත්, හොඳ ගති ගුණවගුණවලින් යුත් තැනැත්තෙකි. එසේම ඔහු තමන්ගේ මිතුරන් ගැන ඉතා ම සැලකිලිමත් වන අතර, ඔහු අවශ්‍ය ඕනෑම අයෙකුට, අවශ්‍ය ඕනෑම මොහොතක උපකාර කිරීමට සූදානමින් සිටී ඉතා යහපත් තැනැත්තෙකි.  නමුත් ඉතාම අවාසනාවන්ත ලෙස මිනිසුන් සමග යහපත්  සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන් ඔහු වලක්වන්නේ, කුමන කාරණයක් ද යන්න පිළිබඳව ඔහුට පැහැදිලි අවබෝධයක් නො මැත. 

ඈන් තවත් හොඳ ම උඋදාහරණයකි. ඈන් සිය ජීවිතයේ කිසිදු දිනයක කිසිවෙකු හෝ කිසි දෙයක් පහත් කොට සලකා නො මැත.  ඕනෑම අයෙකුට ඇය ඉතාම කාරුණිකව කතා කරන අතර ඇය ඕනෑම අයෙකුට ඉතාම කාරුණිකව සළකයි. නමුත්, ඇය එය සෑම විටම අන්‍යන් වෙත කරන යෝජනා, පිළිගැන්විම් බොහෝවිට ප්‍රතික්ෂේප වේ.  රාත්‍රී භෝජනය සඳහා ඇය අන්‍යන්ට ඇරයුම් කළ ද, බොහෝ විට, ඒ කිසිවකට කිසිවකුගේ සතුටුදායක පිළිතුරක් ඇයට ලැබෙන්නේ නැත.  ඇතැම් අවස්ථාවල ඇයගේ හිතෛෂීන් එකතුවන උත්සව අවස්ථාවලට පවා ඇයට ඇරැයුම් ලැබෙන්නේ නැත. ඇය කෙතරම් උත්සාහයක් දැරූව ද, ඇයට අන්‍යයන්  සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වන්නේ කුමන කරුණක් නිසා දැයි ඇයට වැටහෙන්නේ නැත.

කෙසේ වෙතත්  ඈන් සමග වැඩ කරන කෙනෙක් ගෙන් ඇය පිළිබඳව විමසුවහොත්, ඇයගේ හැසිරීමත් සමඟ ඉතා පීඩාකාරී හැඟීමක් තමන්ට දැනෙන බැවින්, ඇය සමග එකම ස්ථානයක තමාට සිටීමේ අපහසු තාවයක් දැනෙන බව පැවසිය හැක. ඇය අධික ශබ්දයකින් කතා කරන බවත්, එසේම ඇය පමණට වඩා වැඩි හඬකින් සිනහසෙන බවත් ඔබට පැවසිය හැක. එපමණක් නොව ඇය තමා හා මිත්‍ර වීමට ඉතා දැඩි උත්සාහ උත්සාහයක් ගන්නා බවත්,  එය තමාට ඉතා ව්‍යාජ ස්වභාවයකින් පෙනෙන බවත් පැවසිය හැක. එසේම ඇයට අන් අයගේ පෞද්ගලික අවකාශය පිළිබඳ අවබෝධයක් නොමැති අතර, එබැවින් ඇය තමන් වෙත පමණට වඩා සමීප වීමට උත්සාහ කරන බවක් තමන්ට දැනෙන බවත්, එයට තමන් කැමති නොවන බවත් පැවසිය හැක.

කසුන් හා ඈන් යන දෙදෙනාම තමාගේ අවට පරිසරය පිළිබඳ අවධානයක් හෝ නිසි සැලකිල්ලක් නොමැත.

එම නිසා මිනිසුන් බොහෝමයක් තමන් වටා සිදුවන දෑ නො දනියි,  නො දකියි. එම අනවධානය නිසා ම, ඔවුන් අනෙක් පුද්ගලයින්ගේ හැසිරීම් වලින් පෙන්නුම් කරන්නා වූ  සියුම් හෝඩුවාවන් මගින්, සැබැවින්ම ඔවුන්ගේ සිත් තුළ පවතින හැඟීම් ඉදිරිපත් කෙරෙන ඉඟි අවබෝධ කර ගැනීමට අසමත් වේ. ඔබ, තෝරාගත් කණ්ඩායමක්ට, මිනිසුන් කිහිප කිහිපදෙනෙකු සිටින කාමරයක් තුළට ගොස්, නැවත ඉන් පිටත්ට පැමිණ ඔවුන්ගේ ඇස් වසාගෙන එම කාමරය තුල සිටි පුද්ගලයන් පිළිබඳව විස්තර කරන්නට ඉල්ලා  සිටියහොත්, බොහෝවිට ඔවුන් වැදගත් තොරතුරු මතක තබා ගැනීමට අපොහොසත් ව ඇති අයුරු ඔබට දැකිය හැකි වනු ඇත. එසේ වන්නේ අදාල දෑ ඔවුන්ඉදිරියේ නොතිබීම නිසා නොව, ඔවුන් තමා දුටු දේ පිළිබඳව ඔවුන්ගේ සිත්හි රඳවා තබා ගැනීමට අපොහොසත් වීම හෝ ඒ දුටු දේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කිරීමට පොහොසත් වීම හේතුවෙනි. මිනිසුන් නිරන්තරයෙන්යෙන්ම තමා ඉදිරිපිට සිදුවන දෑ දකින නමුත්, ඔවුන් බොහෝ විට තමන් ඉදිරියේ සිදුවන වැදගත්ම දෑ කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහොසත් වේ.

ඒ ආකාරයෙන්ම කසුන් සහ ඈන් ඔවුන් මිනිසුන් කෙරෙහි දක්වන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට අපොහොසත්ව ඇතිවාක් සේ ම මිනිසුන් ඔවුන් කෙරෙන් ඉවත් වී යාමට හේතු වී ඇති ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අවබෝධකර ගැනීමට අපොහොසත් ව ඇත. අප විසින් අප අවට වූ ලෝකය සමඟ ගනුදෙනු කරන්නේ අපගේ ශරීරය මගිනි. එක සියුම් සුළං රැල්ලක් ආදරබර පිළිගැනීමක් සනිටුහන් කරන්නාක් මෙන්ම දත්මිටි කෑමක් ක්‍රමණශීලීත්වය කියාපායි. බුද්ධිමත් පුද්ගලයින් විසින් අනෙක් පුද්ගලයින්ගේ හැසිරීම වල ඇති එම සියුම් ඉඟි ලබාගන්නා අතර ඊට අනුරූප වන ලෙස ඔවුන් තමන්ගේ හැසිරීම් වෙනස් කරගනු ලබයි. 

Leave a Reply