වන විනාශය, හරිත ගැටලු වර්තමානයේ පරිසර විනාශය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වන ඕනෑම මාධ්‍යයක ශීර්ෂ පාඨය බවට පත්ව ඇත.  නමුත් බොහෝ දෙනෙකු නොදන්නා කාර්ණාව නම් නිල්පැහැයෙන් තොර හරිත  ලොවක් පැවතියේ නොහැකිය යන්නයි.  ජලය නො එසේ නම් නිල්පැහැය, ජීවය රඳා පවතින ප්‍රධාන සාධකය වේ.  ජලය තිබිය දී ඕනෑම ස්ථානයක, ඕනෑම දෙයක් සිදුවිය හැකි වුව ද, ජලය නොමැති කිසිම තැනක ජීවය යන්න හුදු වචනයකට පමණක් සීමා වේ.  විශ්වයේ අනෙකුත් ස්ථානවල ජීවය සොයා  පර්යේෂණ සිදුකරන සියල්ලන්ගේ ම පාහේ ප්‍රධාන පාඨය වන්නේ ජලය සොයා ගන්න යන්නයි.  ජලය, සෞරග්‍රහ මණ්ඩලයේ සහ ඉන් ඔබ්බේ වුව ද, සාපේක්ෂ වශයෙන් සුලබව පවතී. උදාහරණ වශයෙන් ගිනිකඳු පිපිරීමේ දී සිදුවන පාෂාණ බිඳී යාමේ දී,  යිඩ්‍රජන් සහ ඔක්සිජන් දැවෙන සංයෝගයන් තුළින් විමෝචනය වන ජල වාෂ්ප ලෙස ද, ජලය පිටවීම සිදු වේ.  තව ද විශේෂයෙන්ම වල්ගා තරු සමන්විත වන්නේ පාෂාණයන් ගෙන් සහ ජලයෙනි. විශේෂයෙන්ම ඝන තත්ත්වයේ පවතින ජලයෙනි. එනම් අයිස් වලිනි.  තවද ‍ බ්‍රහස්පති ග්‍රහයාගෙ අධිකම ශීතලකින් යුතු චන්ද්‍රයෙක් වන, යුරෝපා චන්ද්‍රයා මත අයිස් තත්ත්වයේ පවතින  ජලය අති විශාල ප්‍රමාණයෙන් පවතින බවත්, එම අයිස් වලට යටින් කිලෝමීටර් කිහිපයක් පමණ ගැඹුරට වන්නට ජලය,  ද්‍රව තත්ත්වයෙන් පවා පැවතිය හැකි බවට මේ වන විට මත පළව ඇත.

මේ වන විට සිදුකර ඇති පර්යේෂණ වලින් අඟහරු මත ජලයේ පැවැත්ම තහවුරු කර ඇත. ඒ අනුව වර්තමානය වන විට වියැකී ගොස් පැවතිය ද, අතීතයේ රතු ග්‍රහයා, නො එසේ නම් අඟහරු, නිල් පැහැයෙන් යුතු සාගරයකින් සමන්විත වන්නට ඇත.  ඉතින්, සමස්ථ විශ්වයේ ම, මෙම කොටසෙහි පමණක්,  පෘතිවිය මත, ස්වභාවිකව දියරමය තත්වයේ පවතින ජලය පැවතීමට තරම්  අප  වාසනාවන්තව ඇත.  වඩාත් ව වැදගත්ම කාර්ණාව වන්නේ, විශ්වයේ මෙම ආශ්චර්යමත් ස්ථාන ය හුදෙක් ලවණමය ජලයෙන් පිරි සාගරයන් ගෙන් යුතු වීම නොව, වසර බිලියන 4ක පමණ පුරාවට හුදෙක් මහපොළොව මත ඇති මූලික පාෂාණ සහ ජලය, වෙනත් කිසිදු ස්ථානයකයක සොයාගත නො හැකි පරිසරයක්, එනම් ජීවයෙන් පිරි සාගරයක් මේ මිහිමත බිහි කොට තිබීමයි.

වරෙක ගගනගාමී  (Carl Sagan) කාර්ල් සේගන් පවසා ඇත්තේ, තිතක් තරමට කුඩාවට පෘථිවිය පෙනෙන්නා වූ දුරක සිට පෘථිවියේ දෙස බැලූවත්, පෘථිවිය නිල් පැහැයෙන් යුතුව දිස්වන බවයි. නමුත් සමීපව බලන විට පෙනීයන්නේ, එම දිව්‍යමය නිල් පැහැය, අමුතු, ඔක්සිජන් බහුල, ජලයෙන් සමන්විත වන පෘථිවියේ  වායුගෝලය වන බවයි. පෘතුවියේ පෘෂ්ඨයට සමීපව වඩාත් ඝනව පවතින වායුගෝලය, පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 1000 ක් (සැතපුම් 620 ක්) පමණ ඉහළින් අභ්‍යවකාශය හා මුහු යනතෙක් ක්‍රමානුකූලව තුනී වී යාම සිදුවේ. පහළට වන්නට වායුගෝලය, ලවණමය මාධ්‍යයකින් සමන්විත වන ලොකු, කුඩා සියලු භූමි ස්කන්ධය (ගොඩබිම) වටා පවතින සාගරය හා සම්බන්ධ වේ. පෘථිවිය වටා කක්ෂගත ව ඇති අභ්‍යවකාශ යානයක සිට පෘථිවිය දෙස බලන විට පෘථීවියෙහි මහද්වීපයන්, පෘථිවි පෘෂ්ඨයෙන් වර්ග කිලෝමීටර් 331,441  (වර්ග සැතපුම් 127,970) කින් ද, සාමාන්‍ය ගැඹුර කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5) සහ උපරිම ගැඹුර  කිලෝමීටර් 11 ක් (සැතපුම් 7) ද ගැඹුරට වන නිල් පැහැති  මහා ජල ස්කන්ධයක් තුරුලේ හොවා ගත් දූපත් සමූහයක් ලෙස  දිස් වේ.

“හෙට සාගරය වියළී ගියහොත් මා සැලකිලිමත් විය යුත්තේ ඇයි?” 1976 දී ඕස්ට්‍රේලියානු වාර්තාකරුවෙකු එක් අවස්ථාවකදී විමසන ලදී,  සාගරයක් නොමැති පෘථිවිය ගැන මොහොතකට සිතන්න. බාහිරින් බලන විට,  දැන් අහිමිව ඇත්තේ පෘථිවියේ ලුණු සහිත ජලය ආවරණය පමණක් බව යමෙකුට සිතිය හැක.  නමුත් යථාර්ථය නම්  ධ්‍රැවීය අයිස්, විල්, ඇළ දොළ, භූගත ජලය සහ වලාකුළු වල ඇති පිරිසිදු ජලය, පවා එම ජල ප්‍රභවයන් නැවත පුරවාලන, මාතෘ ජල ප්‍රභවය වන සාගරය නොමැතිව ඉතා ඉක්මනින් අතුරුදහන් ව යනු ඇත. ඒ හා සමගම පෘථීවියෙහි වන සෑම ජීවයක්ම මිහි මතින්  තුරන්ව යනු ඇත. බොහෝ දේ නොමැතිව  ජීවය පැවතිය හැකි නමුත්, පැහැදිළි වන කාරනාව නම් තාරකාභෞතික විද්‍යාඥ ක්‍රිස්ටෝපර් මැකේ (Christopher McKay) පැවසූ පරිදි ම,  “ජීවිතයට අවිවාදාත්මකවම අවශ්‍ය එකම දෙය වන්නේ ජලයයි.”

මුහුදේ ජීවය, විශේෂයෙන් ප්‍රභාසංස්ලේෂක ක්ෂුද්‍ර ජීවීන් නොවන්නට, පෘථිවි වායුගෝලය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය සියයට 95 කට වඩා වැඩි අඟහරුගේ වායු ගෝලය හා සමාන වන්නට ඉඩ තිබුණී. නමුත්, පසුගිය අවුරුදු බිලියන තුනහමාර පුරාවරට පාසි, පර්ණාංග, ගස් හා මල් ඇතිවීමට බොහෝ කලකට පෙර සිට ක්ෂුද්‍ර ජීවීන් ඔක්සිජන් නිපදවමින් අප වර්තමානය වන විට භුක්තිවිදින වායුගෝලය නිර්මාණය කොට ඇත.  එම් ක්‍රියාවලිය මෙම මොහොතේ පවා දිගින් දිගටම ක්‍රියාත්මක ව පවතී. වසර ගනනාවක් පුරාවට, අපට පෙර සිටි සහ ඔවුන්ගෙන් පැවත එන, අප වටා සිටින සහ අපට තවමත් සහයෝගය දක්වන අතිමහත් වූ ක්ෂුද්‍ර ජීවීන් නොවන්නට, අප දන්නා ජීවය මේ මිහිමත පැවතිය නො හැක.

ලෝකය නිල් පැහැ වන බවට, ලෝකයේ හදවත සාගරය වන බවට අප සැලකිලිමත් විය යුතු එකම හේතුව එය පමණක් නොවේ.

සාගරය දේශගුණය හා කාලගුණය මෙහෙයවයි, උෂ්ණත්වය නියාමනය කරයි, වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරයි, පෘථිවියේ ජලය ප්‍රමාණයෙන් සියයට 97 ක් රඳවා ගනී, එසේම ජෛවගෝලයෙන් සියයට 97 ක ප්‍රමාණයක් සාගරය වැලඳගෙන ඇත. ලොව විශාලතම ජෛව ඝනත්වය සහ ජෛව විවිධත්වය පවතින්නේ, බිහිවන්නේ හිරු රැස් සිප ගන්නා සාගරය මතුපිට සිට අති විශාල ගැඹුරක් කරා දිවෙන ඈත සාගරයේ ය. ඇතැම් විට සාගර පත්ලටත් වඩා කිලෝමීටර ගණනාවක් ගැඹුරට දිවෙන ජලයෙන් පිරි සාගර පතුළේ වූ පැළුම් තුළ, සූර්යාලෝකය නොමැති විට අවට ඛනිජ වලින් රසායනික ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලියක් නො එසේ නම්, රසායනික සංස්ලේෂණය තුළින් වර්ධනය වන ඉතා දැඩි ක්ෂුද්‍රජීවී විශේෂයන්ට පවා මහ සාගරය සිය රැකවරණය ලබා දේ.

ගංගා, විල් සහ භූගත ජලය අඛණ්ඩව ප්‍රතිස්ථාපනය කරමින්, වර්ෂාව, හිම වැසි හා හිම ලෙස ගොඩබිමට හා මුහුදට පැමිණෙන ජලය නැවත පෙරළා වායුගෝලයට ලබා දීම හරහා සාගරය පෘථිවියේ රසායනය පාලනය කිරීම සිදු කරයි.

ඔබට කවදාවත් සාගරය දැකීමට හෝ ස්පර්ශ කිරීමට අවස්ථාවක් නොතිබුණද, ඔබ ගන්නා සෑම හුස්මක් පාසාම, ඔබ පානය කරන සෑම ජල බිංදුවක් පාසාම, ඔබ පරිභෝජනය කරන සෑම ආහාර පිඬක් පාසාම සාගරය ඔබව ස්පර්ශ කරයි.  සෑම තැනකම සිටින, සෑම කෙනෙකුම,  වෙන් කළ නොහැකි ලෙස සාගරය හා සම්බන්ධ වී ඇති අතර අප සෑම දෙනෙකුගේම ජීවිත සම්පූර්ණයෙන්ම  සාගරයේ පැවැත්ම මත රඳා පවතී.

Leave a Reply