අපි මිනිසුන් කියවීමට අපට ඇති හැකියාව ගැන අපි බොහෝ විට ආඩම්බර වෙමු. එසේම ඔවුන්ගේ මුහුණු දෙස බැලීමෙන් ඔවුන්ගේ  සිත් තුළ කුමන අදහස් පවතින්නේ ද යන්න අපට විනිශ්චය කළ හැකි යැයි අපි සිතමු.  සැබැවින්ම, සිනාසෙන තැනැත්තෙකු සන්තෝසෙන් සිටිනවා විය හැක. එසේම කඳුළු, සිතක දොම්නසක් තිබෙන බව ට වඩා වැඩි දෙයක් නොවිය හැක. බොහෝ අවස්ථාවලදී මෙය අසත්‍යයක් විය හැකි නමුත්, ඇතැම් අවස්ථාවල දී එය ඒ ආකාරයෙන්ම ක්‍රියා නො කරයි. විශේෂයෙන්ම යමෙකුට ඉතා දැඩි හැඟීම් ඇති විට ඔහු සිනහවකින්, සිය සිතෙහි ඇති සොම්නස, හෝ කඳුලකින් සිතෙහි ඇති දොම්නස පෙන්නුම් නො කිරීමට ඉඩ ඇත. අප අන් අයගේ හැඟීම් කියැවීම, ඔවුන්ගේ මුහුණු නිරීක්ෂණය කිරීමෙන් සිදු කරන බව සිතා සිටිය ද, අප නො නොදැනුවත්වම ඔවුන්ගේ ශරීර භාෂාවෙන් ඉඟි ලබා ගැනීම සිදු කරන්නෙමු. මෙය පර්යේෂණයන්ගෙන් පවා තහවුරු කර ඇත.

මේ ආකාරයේ ඉතා ප්‍රසිද්ධ පර්යේෂණයක් මෑතක දී පැවැත්වුණු අතර, එහිදී සියළුම ආකාර වල ඉතා දැඩි හැඟීම් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප, පර්යේෂණයට සහ සහභාගී වූ  පුද්ගලයන් හට ලබාදීමට පර්යේෂකයන් කට කටයුතු කරන ලදී. මොහොතකට පෙර තරග ජය ගනු ලැබූ හෝ පරාජයට පත්වූ  වූ ක්‍රීඩකයින්ගේ ඡායාරූප, තනපුඩු සිදුරු කිරීම වැනි වේදනාකාරී ක්‍රියා පටිපාටිවලට භාජනය වෙමින් පවතින පුද්ගලයින්ගේ ඡායාරූප සේම, විවිධාකාරයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් වල යෙදී සිටින තැනැත්තන් ගේ ඡායාරූප ද ඊට ඇතුළත් විය.

එසේම පර්යේෂකයන් විසින් පර්යේෂණයට ලක් වූ අයට ඉදිරිපත් කරන ලද ඡායාරූප ද විවිධාකාර විය.  ඇතැමුන්ට ඡායාරූපයේ සිටින්නාගේ මුහුණ පමණක් සහ තවත් සමහරුන්ට ඡායාරූපයේ සිටින තැනැත්තාගේ ශරීරය පමණක් පෙනෙන ආකාරයේ ඡායාරූප යන්ද, එසේම සමහරුන්ට  ඡායාරූපවල සිටින තැනැත්තන්ගේ මුහුණ මෙන්ම ශරීරය ද පෙනෙන ආකාරයට ඡායාරූප ලබාදුනි. යමෙකුගේ මුහුණෙහි ඡායාරූපයක් දෙස බැලීමෙන් ඔවුන් වේදනාවෙන්  සිටිනවා ද යන්න හෝ ප්‍රීතියෙන් සිටිනවා ද යන්න අපට පැවසිය හැකි විය යුතු බවට අප උපකල්පනය කරන නමුත්, මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ඉතා පුදුම එළවන සුළු ලෙස, ඊට වෙනස්ම දෙයක් පෙන්වා දෙන ලදී.

ඒ අනුව  යමෙකුගේ මුහුණ පමණක් දැකීමෙන්, එකී තැනැත්තාගේ හැඟීම් කියවීම්ට මිනිස්සුන්ට ඇති හැකියාව ඉතාම අල්ප බව පෙනෙන්න ට වූ අතර, කෙසේ වෙතත් තැනැත්තන් ගේ මුහුණ සහ ශරීරය යන දෙකම දෙකෙහිම ඡායාරූප ලබා දෙන ලද තැනැත්තන් අදාල ඡායාරූපයේ සිටින තැනැත්තන් ගේ හැඟීම් අනුමාන කිරීමේදී වඩා වැඩි සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබිණි.

එය අප සැමවිටම  විටම විශ්වාස කරන ලද තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් වූ බැවින් එම් ප්‍රතිඵලය ඉතා පුදුම සහගත විය. එමඟින් හුදෙක්ම මුහුණෙන් පලකෙරෙන ඉරියව් වලට වඩා, ශරීර භාෂාව, පුද්ගලයෙකුගේ සිත් තුළ පවතින හැඟීම් පුරෝකතනය කිරීම සඳහා ඉවහල්වන බව, ඉතා දැඩිව තහවුරු කරන ලදී. එයින් කියැවෙන්නේ ශරීර භාෂාව මගින් අපගේ සිතිුවිලි සහ හැඟීම් විදහා දැක්වෙන බවයි.

රීති අංක. 1: ශරීර භාෂාව කියවීම සඳහා  අවශ්‍ය මූලිකම අංගය වන්නේ නිරීක්ෂණයයි.

මූලාරම්භය

මෙම සියලු වාචික නොවන  සංඥාවන් අපට ලැබෙන්නේ  කෙසේද යන්න සොයා ගැනීම සඳහා බොහෝ පර්යේෂණ සහ විවාදයන් සිදු කර ඇත,  අපිට උපතින්ම ඒවා ලැබෙන්නේද නො එසේ නම් අප වයසට යත්ම ඒවා ඉගෙන ගන්න  ගනු ලබන්නේද ? එසේම, තමා අවට සිටින අය නිරීක්ෂණය කිරීමෙන් මෙම ඉඟි ඉගෙන ගැනීමට නො නොහැකි වූ අන්ධ පුද්ගලයින් අන්තර් සංස්කෘතික වෙනස්කම් ලෙස අධ්‍යයනය කරන ලදී. මෙම පර්යේෂණයේ නිගමනවලින් පෙනී යන්නේ සමහර ඉඟි එක් එක් කාණ්ඩයට අයත් වන බවයි. අපගේ මූලික වාචික නොවන හැසිරීම් බොහොමයක්  අප විසින් ඉගෙන ගෙන ඇති අතර බොහෝ චලනයන් සහ ඉඟි වල අර්ථයන් සංස්කෘතිකමය වශයෙන් තීරණය කරනු ලබයි.

රීතිය 2 : පොදුවේ භාවිතා වන වාචික නොවන ඉඟි හඳුනාගැනීමටත් , අර්ථ නිරූපණය කිරීමටත් ඉගෙන ගන්න.

සන්නිවේදනය කිරීම සඳහා යොදාගනු ලබන ඉඟි අතරින් බොහෝොමයක් ලොව පුරා එක හා සමාන වේ. මිනිසුන් සැබවින්ම සන්තෝසෙන් සිටින විට ඔවුන් සිනාසේ. මිනිසුන් දුකෙන් සිටින විට  වැළපීම ද, කේන්තියෙන් සිටින විට රවා බැලීම ද සිදු කරයි.  හිස ඉහළ පහළ කිරීම පොදුවේ ගත් කල “ඔව්” නැතහොත් යමක් පිළිගන්නා බව අර්ථ ගන්වනු ලබන  අතර හිස් දෙපසට සෙලවීම “නැත”, හෝ යමක් නො පිළිගන්නා බව අර්ථ ගන්වනු ලබයි. කෙසේ වෙතත් ලොවපුරා විවිධ ජන කණ්ඩායම් සහ සංස්කෘතීන් අතර භාවිතා වන භාෂාවන් ද එකිනෙකට වෙනස්  වන සේම, සිය හැඟීම් පළ කිරීම සඳහා මිනිසුන් යොදා ගනු ලබන “ඉඟි” ද ඒ ආකාරයෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශය ට වෙනස් වීමේ හැකියාවක් ඇත. ඇතැම් “ඉඟි” එක් සංස්කෘතියක් තුළ සුවිශේෂී අර්ථයක් ලබා ගන්නා විට, වෙනත් සංස්කෘතියක් තුළ එම “ඉඟි” ම කිසිදු අර්ථයක් ලබා නොදිය හැක.

මහපට ඇඟිල්ල එසවීම

මහපට ඇඟිල්ල ඔසවා පෙන්වීම, ඉහත කී ආකාරයට ලොව පුරා විවිධාකාර සංස්කෘතීන් අතර විවිධාකාරයෙන් අරුත් ගැන්වී ඇති ඉඟියක් වේ. වාහන වල නොමිලේ යන්නන් (Hitchhikers)        මාර්ගයේ ගමන් කරන වාහන වලින්, තමන්ට එසේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස සංඥා කිරීම සඳහා මෙම ඉඟි ය භාවිත කරනු ලබයි.  එසේම සියල්ල හොඳින් සිදුවන බව පෙන්වීමට ද, මිනිසුන් මෙම ඉඟි ය භාවිත කරනු ලබයි. තව ද, එය කෙනෙකුට අපහාස කිරීම සඳහාද යො ද යොදාගත හැකි අතර, පමණක් නොව ඇතැම් අවස්ථා අවස්ථාවල දී එය සෘණාත්මක අර්ථයෙන්ද  යොදාගත හැක. එම නිසා යමෙකු විදේශීය රටක  සංචාරය කරන්නේ නම්, සාමාන්‍යයෙන් ස්වදේශිකයන්ගේ සම්ප්‍රදායන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ සියලුම ඉඟි පිළිබඳව සහ ඔවුන්ගේ හැඟීම් පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් යහපත් වේ. එය මතුවිය හැකි බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා උපකාරී වේ.

V සංඥාව

එම සංඥාව  ජයග්‍රහණය හඟවන සංඥාවක් වේ.  දෙවන ලෝක යුද සමය තුළ ඇමරිකාවේ ජනාධිපති වින්ස්ටන්ට් චර්චිල් විසින් මෙය භාවිතා කිරීම් ආරම්භ කිරීම්ත් සමඟ එය ප්‍රසිද්ධියට පත්විය.  කෙසේ වුවත්, මෙම සංඥාව තුළින් ජයග්‍රහණය හැඟවීමට නම්, එම සංඥාව සිදුකරන විට ඔබේ අල්ල, ඔබේ මුහුණ පැත්තට නොව, ඔබෙන් පිටතට හරවා තැබිය යුතුය.  යම් හෙයකින් ඔබ මෙම සංඥාව කිරීමේ දී, ඔබේ අල්ල, ඔබේ මුහුණ පැත්තට හරවා ගෙන සිටී නම්, එමගින් අපහාසාත්මක බවක් සංකේතවත් වේ. එසේම අතේ ඇඟිලි දෙකක් ඉහළට ඔසවාගෙන සිටීම හරහා “අංක 2” ද අදහස් කළ හැක .

මෙමගින් පෙනී යන්නේ බොහෝ ඉඟි, විශ්වීය නොඑසේ නම් පනම් පොදුවේ භාවිතාකළ නො හැකි බවත් සමහර විට ඒවා අපහාසාත්මක වියහැකි අතරම, නිසි අවබෝධයක් නො මැතිව භාවිත කිරීම හරහා  පුද්ගලයන් කෝප ගැන්විය හැකි බවයි.  එබැවින් යම් කෙනෙකුගේ ඉඟි මඟින් අරුත් ගැන්වෙන අදහස පිළිබඳව තීරණය කිරීමට ප්‍රථම ඔහු කොහි සිට පැමිණෙන්නේ ද, ඔහුගේ සංස්කෘතික පසුබිම කුමක්ද, ඔහුගේ රට, පදිංචිය කොයි ප්‍රදේශයේ ද,  ආදී ලෙස ඔහුගේ පසුබිම පිළිබඳව අවබෝධයක් පැවතීම වැදගත් වේ.

3 වන රීතිය: ඉඟි, අතර වන සම්බන්ධය නිරීක්ෂණය කිරීම, ඒවා අවබෝධ කර ගැනීම සඳහා මූලික පදනම වේ.

ශරීර භාෂාව කියවීමේ දී, එය වඩාත් ඵලදායී වීමට නම්  එක් එක් වාචික නොවන ඉඟි එකිනෙකින් හුදෙකලා ව  කියවීම වෙනුවට ඒවා සියල්ල එක්ව එකට ගෙන කියවිය යුතු ය. එක් ඉඟියකින් බොහෝ දේ පැවසිය හැකි ය. එබැවින් එක් වාක්‍යයක අර්ථය පැහැදිලිව අවබෝධ කරගැනීම සඳහා,  එම වචනය ඇතුළත් සම්පූර්ණ වාක්‍යයක් උපකාර වන්නේ යම් සේද, එසේම එක් විශේෂිත ඉඟියකින් කියාපාන අර්ථය අවබෝධ කර ගැනීම සඳහා මුළු ශරීරයම නිරීක්ෂණය කිරීම උපකාරී වේ.

එසේම, සෑම විටම ඉඟි මගින් කිය කියවෙන දෑ, අවබෝධ කර කර ගැනීම සඳහා, එම  ඉඟි ඇතිවන අවස්ථාව ද සැලකිය යුතු ය. උදාහරණයක් වශයෙන් යමෙක් තමාගේ දෑත් එක මත එක වැටෙන සේ තදින් නමාගෙන, එසේම තමාගේ දෙපා එකිනෙකට ඉතා ළං වන සේ තබාගෙන, ඔහුගේ නිකට පපුව දෙසට යොමු වන ආකාරයට නමාගෙන, සිටින්නේ නම්, ඔබ එවිට අවට පරිසරය වට වටපිටාව දෙස ඔබගේ අවධානය යොමු කළ යුතු ය. ඔහු ශීත සෘතුවේදී එළිමහනේ සිටින්නේ නම් එයින් අදහස් වන්නේ හුදෙක් ම ඔහුට ඇති ශීතලයි. කෙසේ වෙතත් ඔබ ඔහු සමග, ශාලාවක් තුල පවත්වන රැස්වීමක දී, ඔහුට යමක් ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටින්නේ නම්, එකී අර්ථ නිරූපණය සම්පූර්ණයෙන්ම වෙනස් වී යා හැකි ය. මෙම අවස්ථාවේ දී නම් එයින් කියැවෙන්නේ ඔහු ඔබේ අදහස් වලට කැමැත්තක් නොදක්වන බවයි.

4 වන රීතිය: සෑම වවිටම ගැලපීම පිළිබඳ සොයා බලන්න.

යමෙකු බොරු කියනවා ද නැද්ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ඉතාම වැදගත් වන කාරණාව නම්, ඔවුන් පවසන වචන, ඔවුන්ගේ ශරීර භාෂාව සමඟ ගැලපෙන්නේ ද යන්න හොඳින් නිරීක්ෂණය කිරීමයි. වාචික නොවන සංඥාවන්, වචනයෙන් පවසන අදහස් සමග නො ගැලපෙන විට, එකී වාචික නො වන සංඥාවන් පුද්ගලයින් මත වඩා වැඩි බලපෑමක් ඇති කරන බවත්, එසේම එම වාචික නො වන ඉඟි වඩාත් ඉස්මතු වී පෙන්නුම් කරන බවත්, පර්යේෂණය මගින් තහවුරු කර ඇත. එබැවින් මිනිසුන් තමන් සවන්දෙන දේවලට වඩා, ඔවුන් අන්‍යයන් වෙතින් නිරීක්ෂණයය කරනු ලබන වාචික නොවන ඉඟි කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමටට හැකිය.

මිනිසුන් බොරු කියන විට ඔවුන් ඒ පිළිබඳව ඉතාම කල්පනාවෙන් සැලකිලිමත්ව එය සිදුකළ ද, ඔවුන් තමන්ගේ ශරීර භාෂාව පිළිබඳ එතරම් මව අවධානයක් යොමු නොකරන බැවින් ඒවා හසුකර ගත හැක.  ඊට එක්තරා ප්‍රසිද්ධ උදාහරණයක් ගෙනහැර දැක්විය හැකි ය. එක්තරා අවස්ථාවක සුප්‍රකට මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් (Sigmund Freud) හට, ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිටි කාන්තාවක් විසින්,  දිගින් දිගටම ඇයගේ විවාහ ජීවිතය ඉතා සතුටුදායක බව පවසන්නට වූ අතර, නමුත් ඇය එසේ තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී, දිගින් දිගටම ඇයගේ මංගල මුදුව කරකවමින් එය ඇඟිල්ලෙන් එලියට ගනිමින් සහ නැවත ඇඟිල්ලට දමමින් කතා කරන බව ඔහු නිරීක්ෂණය කළේය. ඒ අනුව ඔහු ඇයගේ විවාහ ජීවිතය සතුටු සතුටුදායක නොවන බවට නිගමනය කරන ලද අතර, පසුව හෙළිව වූයේ ඔහුගේ එම නිගමනය නිවැරදි වූ බවයි.

Leave a Reply